පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට විශේෂ තාක්ෂණික කමිටුවක්

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටලු විසඳීම සහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කර එම කමිටුව ලබා දෙන නිර්දේශ මත අදාළ ගැටලු කඩිනමින් විසීමට කටයුතු කරන බව  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ ක‌ළේ පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටලු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ ඊයේ (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර  තුනක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත්කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී යොමු විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website