පත්මේට වැඩ කළ එස්.අයි අත්අඩංගුවට

කෙහෙල්බද්දර පත්මේට උදව් උපකාර කළ ගම්පහ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් පසුගිය 11 වෙනිදා උදෑසන සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙහෙල්බද්දර පත්මේ සමඟ දූරකථන සම්බන්ධතා පැවැත්වූ පොලිස් නිලධාරීන් පිළිබඳව විමර්ශනයන් සිදුකරගෙන යාමේදී මෙම උප පොලිස් පරීක්ෂකයා පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත. මෙම පොලිස් නිලධාරීයාට අමතරව තවත් පොලිස් නිලධාරීන් පද්මේ සමඟ සම්බන්ධතා පවත්වා ඇතැයි කරුණු අනාවරණය වෙමින් ඇතැයි සීඅයිඩීයෙන් කරුණු වාර්තා වෙයි.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website