නුවර, කෑගල්ල දිස්ත්‍රික්ක ඇතුළු තවත් ප්‍රදේශ රැසකට නායයෑමේ රතු නිවේදන තව දුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (05) දින පස්වරු 04.00ට නිකුත් කරන ලද වාර්තාව අනතුරු ඇගවීමේ නිවේදනය , නුවර, කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාවතගම, මල්ලවපිටිය, අලව්ව, රිදීගම සහ පොල්ගහවෙල යන ප්‍රාදේශීය ‌ලේකම් කොට්ඨාශ වලට ද, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, විල්ගමුව, උකුවෙල, පල්ලේපොල, මාතලේ, ලග්ගල පල්ලේගම, යටවත්ත, නාඋල සහ අඹන්ගඟ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, හඟුරන්කෙත සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොටිඨාශ වෙත ද 03 වැනි අදියරේ (ඉවත් වීමේ) රතු නිවේදන නිකුත් කර ඇත.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලි_ඇල, මීගහකිවුල, බදුල්ල, ඇල්ල, හපුතලේ, ලුණුගල, වැලිමඩ, පස්සර සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, අඹගමුව කෝරළය, තලවකැලේ, නොර්වුඩ්, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ  සහ  රත්නපුර දිස්ත්‍රික්කයේ  කහවත්ත, ගොඩකවෙල සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙත  02 අදියරේ (අවධානය) ඇම්බර් නිවේදන නිකුත් කර ඇත.

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ යක්කලමුල්ල, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, අත්තනගල්ල සහ දිවුලපිටිය, කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය සහ හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙත 01 අදියරේ (විමසිලිමත්) කහ නිවේදන නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website