නුවරඑළියේ උෂ්ණත්වය පහළ යාමෙන් කෘෂි බෝගවලට සිදු වූ හානි ගැන වාර්තා නෑ – කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්

Ministry of Agriculture, Livestock, Land and Irrigation

නුවරඑළියේ උෂ්ණත්වය හදිසියේ පහත වැටීම හේතුවෙන් බෝග වලට හානි සිදු වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර කළ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ දක්වා වගා හානි පිළිබඳ කිසිදු වාර්තාවක් අමාත්‍යාංශයට ලැබී නොමැති බවයි.

“කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අඩු උෂ්ණත්වයක් වාර්තා කර තිබුණත් බෝග වලට සිදු වූ කිසිදු හානියක් පිළිබඳව අපට දැනුම් දී නැහැ. මේ තත්ත්වය තුළ මෙම අවස්ථාවේදී වගා හානි වෙනුවෙන් වන්දි වැඩසටහන් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ සම්බන්ධ කිසියම් ගැටලුවක් වාර්තා වුවහොත්, අපි ඒවා සොයා බලා අවශ්‍ය කඩිනම් පියවර ගන්නවා” කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website