නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැදවුම් නියෝග

2026.01.06 වන දින වෙන්නප්පුව පොලිස් වසමේදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙකු මියයාම හා තවත් පුද්ගලයන් 08 දෙනෙකු රෝහල් ගතව ප්රතිකාර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර කරන ලදී.
ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කල සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන 2026.01.07 වන දින මාරවිල ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරියන් දෙදෙනා 2026.01.19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. වයස අවුරුදු 47 ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්රදේශයේ පදිංචි නීතිවිරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ ප්රධාන සැකකරු 2026.01.07 වන දින අත්අඩංගුවට ගෙන 2026.01.08 වන දින මාරවිල ගරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 02ක කාලයක් රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.
වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website