ඇතැම් නිවැසියන් නිවස වසා දමා පිටව යාමේදී නිවසේ සාමාජිකයින්ගේ පහසුවට හෝ පමාවීම වළක්වාගැනීමට නිවසේ දොරකඩ පාපිස්ස යට, සපත්තු තුළ, මල් පැළ යට ප්‍රධාන දොරේ යතුර සඟවයි.
පාසල නිමවී නිවසට පැමිණෙන දරුවන්ගේ පහසුවට නිවස ඉදිරිපිට තිබූ සපත්තුවක් තුළ දොරේ යතුර සඟවා පිටව ගිය රණාල ප්‍රදේශයේ නිවැසියෙකුගේ රන් භාණ්ඩ පසුගිය දා (02) එම නිවසට ඇතුල්වූ සොරෙකු විසින් සොරාගෙන ඇත. සොරා නිවසට ඇතුල් වූ ක්‍රමය යතුර සොයාගැනීමට හැකිවීමෙන් බව සැකකරන අතර අපරාධයට සම්බන්ධ සැකකරුවන්ත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භකර ඇත.















