‘නිවස සිසිල් කර ගන්න – ආරක්ෂාව හවුරුකර ගන්න’ පොලියෙන් විශේෂ මතක් කිරීමක්

උෂ්ණත්වය ඉහළ යාම නිසා බොහෝ නිවැසියන් රාත්‍රියේදී වාතාශ්‍රය සඳහා ජනෙල් සහ දොරවල් විවෘතව තැබීමට පෙළඹෙන බැවින්, එවැනි ක්‍රියාවන් අපරාධකරුවන්ට අවස්ථා නිර්මාණය කළ හැකි බවට පොලිසිය අනතුරු ඇඟවීය.

නිවස සිසිල්ව පවත්වා ගැනීම සඳහා නිවසේ ආරක්ෂාව අඩු නොකළ යුතු බව පොලිසිය පැවසීය.

නින්දට යාමට පෙර අවශ්‍ය සියලු ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වන බව සහතික කරන ලෙස නිවාස හිමියන්ට උපදෙස් දෙන අතර සොරකම් කිරීමේ අවදානම අවම කිරීම සඳහා පොලිසිය ප්‍රධාන උපදෙස් කිහිපයක් ද ලබාදී ඇත.

  • වාතාශ්‍රය සඳහා විවෘතව තබා ඇති ජනේලවල ආරක්ෂිත ලෝහ ග්‍රිල් සවි කිරීම,
  • සියලුම දොරවල් සහ ගේට්ටු නිසි ලෙස අගුළු දමා ඇති බව සහතික කිරීම
  • ‍අනවසරයෙන් ඇතුළුවන්නන් වැළැක්වීම සඳහා ප්‍රමාණවත් එළිමහන් ආලෝකකරණයක් පවත්වා ගැනීම

පදිංචිකරුවන්ගෙන් විමසිලිමත්ව සිටින ලෙසත්, ඕනෑම සැක සහිත ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයින් ප්‍රමාදයකින් තොරව අසල ඇති පොලිස් ස්ථානවලට වාර්තා කරන ලෙසත් පොලිසිය වැඩි දුරටත් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website