නිවසේ සිට වැඩ කිරීම ගැන රාජ්‍ය පරිපාලන ඇමැතිගෙන් ප්‍රකාශයක්

රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන, සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ප්‍රධාන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසුවේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පැවසුවේ  දුරස්ථ වැඩ විධිවිධාන අනුගමනය කිරීම සඳහා මෙම සාකච්ඡාව තීරණාත්මක පියවරක් වනු ඇති බවයි.

ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website