නිල වාර්තාව සහ ඡායාරූප – ‘පොඩි ලැසී’ CID භාරයට

https://www.facebook.com/reel/949309131092626

ඉන්දියාවේ සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ නම් මෙරට සංවිධානාත්මක අපරාධ සිදුකර පළාගොස් සැඟව සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අද (27) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන එන ලදී.

විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

මෙම පුද්ගලයා දකුණු පළාත තුල මත්ද්‍රව්‍ය ජාවාරම්, මීටියාගොඩ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ සාහසික මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකි.

මහජන ආරක්ෂක අමාත්‍යංශය හා පොලිස්පතිතුමාගේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක ශක්තිමත් යාන්ත්‍රණයක් යටතේ සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒ්මට හැකියාව ලැබුනු අතර රතු නිවේදන නොමැතිව දෙරට අතර ගොඩනගාගත් සහයෝගීතාවය මගින් සැකකරු මෙරටට ලබාගැනීමට හැකිවිය.

මෙම සැකකරු සමඟින් ශ්‍රී ලංකා පොලිසිය මේ දක්වා විදෙස් ගතව සැඟව සිටි සැකකරුවන් 14 දෙනෙක් මෙරටට ගෙන්වා ගෙන ඇත. ජාත්‍යන්තර රතු නිවේදන මගින් 2024,2025,2026 තෙවසර තුළ සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇත.

ලබාගත් රතු නිවේදන 89 ක් මගින් ඉදිරියේදී විදෙස්ගතව සැඟව සිටින ප්‍රධාන පෙළේ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන මෙරට අධිකරණය හමුවට ඉදිරිපත්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website