අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 300ක් පමණ වටිනා හෙරෝයින් කිලෝග්‍රෑම් 12ක් තිබූ බව අනාවරණය වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
දික්ඔවිට වරායට රැගෙන ආ මත්දුව්‍ය තොගය නිරීක්ෂණයට නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණි අතර එහි දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක පිට නාවික හමුදා දිගු දුර නාවික බලඇණිය විසින් සිය භාරයට ගත් අදාළ ධීවර යාත්‍රාව සැකකරුවන් පස් දෙනා ද සමඟ අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන ආවේය.
රජයේ ප්‍රතිපත්තියක් ලෙස මත්දුව්‍ය ජාවාරමේ නියැලි සිටින අයවලුන් නීතියේ රැහැනට අල්ලා ගැනිම ඉතාම විධිමත් ලෙස සිදුවන බව අවධාරණය කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අවශ්‍ය පනත් සංශෝධන කරමින් අදාළ අංශ වලට පුළුල් බලතල ලබා දෙන බව ද සඳහන් කළේය.
මහ ජනතාවට 1818 සහ 1997 ක්ෂණික දුරකතන අංක අමතා මත් ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා දිය හැකි බව ද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.












