නායයෑමේ රතු නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සහ ප්‍රා.ලේ. කොට්ඨාශ මෙන්න

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (06) පස්වරු 04.00ට නිකුත් කළ නිවේදනය මගින් මහ නුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රා.ලේ. කොට්ඨාශ,  කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, රඹුක්කන, රුවන්වැල්ල,  දැරණියගල, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට සහ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (ග්‍රාම නිලධාරී වසම්) සහ අවට ප්‍රදේශ,  කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, රිදීගම, පොල්ගහවෙල, මල්ලවපිටිය සහ මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ( ග්‍රාම නිලධාරී වසම්) සහ අවට ප්‍රදේශ, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නාඋල, යටවත්ත, ලග්ගල පල්ලේගම, පල්ලෙපොල, මාතලේ, රත්තොට, අඹන්ගඟ කෝරලේ සහ විල්ගමුවප්‍රාදේශීය ලේකම් කාර්යාල ( ග්‍රාම නිලධාරී වසම්) සහ අවට ප්‍රදේශ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මතුරට, නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ( ග්‍රාම නිලධාරී වසම්) සහ අවට ප්‍රදේශ වෙත 03 වැනි අදියරේ (රතු) ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website