නායගිය ගලහ ශ්‍රී මුතු මාරි අම්මාන් කෝවිල අසලින් වටිනා ගලක් හමුවෙලා

මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ, දෙල්තොට වත්ත ප්‍රදේශයේ නායයෑමක් සිදු වූ ස්ථානයෙන් විශාල වටිනා ගලක් මතු වී ඇති අතර, එම ස්ථානයට ආරක්ෂාව ලබා දුන් බව පොලිසිය පවසයි.

පසු ගිය දා විශාල නායයෑමකට ලක් වූ ගලහ ශ්‍රී මුතු මාරි අම්මාන් කෝවිල අසලින් වටිනා ගල හමු වූ බව ද පොලිසිය පැවසුවේය. මෙම ගල පරීක්ෂා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දැනුම් දුන් බව ද පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website