නාමල් රාජපක්ෂගේ ‘ක්‍රිෂ්’ නඩුව 19 වැනිදාට කල් යයි

‘ක්‍රිෂ්’ ව්‍යාපෘති ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 19 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අද (16) නීතිඥවරුන් අධිකරණ රාජකාරිවලින් වැළකී සිටීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

අද දින මෙම නඩුව කැඳවන අවස්ථාවේ විත්තිකරු වන නාමල් රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටි බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය සමාගමක් වන ‘ක්‍රිෂ්’ වෙතින් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website