නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ඒ අනුව,

  • කොළඹ සිටින කියුබානු ජනරජයේ නව තානාපති ලෙස Patricia Lázara Pego Guerra මහත්මියත්,
  • කොළඹ සිටින කටාර් රාජ්‍යයේ නව තානාපති ලෙස  Hamad Mohammed Abdullah Al – Sanad Al – Dosari මහතාත්,
  • නවදිල්ලියේ සිටින ස්ලොවේනියා ජනරජයේ තානාපති ලෙස Tomaž Mencin මහතාත් පත්ව සිටි.

අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නව තානාපතිවරු සමඟ සුහද කතා බහකද නිරත විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website