නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුව වෙනුවෙන් අමතර දුම්රිය සේවා

නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2025/12/24 දින ප.ව. 03.00 ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය 2025/12/29 දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇත.

කොළඹ කොටුව – කන්කසන්තුරය නගරාන්තර දුම්රිය 2025/12/25 සහ  28 දිනවල ධාවනයට සැලසුම් කර ඇත.(මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09 කින් සමන්විත වේ)

මූලාශ්‍රය – ශ්‍රී ලංකා දුම්රිය සේවය – නිල facebook page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website