දෙහිවල මැරීන් ඩ්‍රයිව් හි හෝටල් හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කරයි

අද (09) රාත්‍රි 7. 54ට  දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමකින්  බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එම හෝටලයේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම හෝටලය ඉදිරිපිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණේය.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website