මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් මාර්තු 23 වන දින පෙ.ව. 10 ට ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළේය.
අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කරන ලද අතර දුමින්ද සිල්වාගේ ප්‍රකාශය සටහන් කර ගන්නා විට ඔහුට නීතිඥ සමාය හිමිවන බව ද මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.
















