දිල්ලියේ මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල පිපිරීමකින් 08ක් මරුට

මෝටර් රථයක් පුපුරා යාමෙන් පසු  ඒ අසල තිබූ තවත් වාහන කිහිපයක් ගිනිගෙන විනාශ විය

දිල්ලියේ රතු බලකොටුව ආශ්‍රිත මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල අද (110) සිදු වූ පිරිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.

ඉන්දීය මාධ්‍යවලට අනුව, මෙම පිපිරිමෙන් පසු අගනුවර මෙන් ම මුම්බායි නගරයේ ද ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

සිද්ධිය ඇසින් දුටු බව කියන රාජ්ධර් පාණ්ඩේ නමැති ප්‍රදේශවාසියෙකු මෙසේ පැවසුවේය, “අපි ගිනිදැල් නැගෙනවා දැක්කා… මගේ ටෙරස් එකට පෙනුන. ඊට පස්සේ මම පහළට ආවා මොකද වෙන්නේ කියලා බලන්න. විශාල ශබ්දයක් ඇහුණා. බිල්ඩින් එකේ ජනෙල් හෙළවුණා. මගේ ගෙදර තියෙන්නේ ගුරුද්වාරා ළඟ.”

පිපිරීම පිළිබඳ තොරතුරු ලබා දෙමින් දිල්ලි පොලිස් කොමසාරිස් සතිෂ් ගොල්චා මාධ්‍ය වෙත පැවසුවේ, “පිපිරීමෙන් අසල වාහනවලටද හානි සිදුවෙලා තියෙනවා. තොරතුරු ලැබුණු වහාම දිල්ලි පොලිසිය, එෆ්.එස්.එල්, එන්.අයි.ඒ සහ එන්.එස්.ජී කණ්ඩායම් එම ස්ථානයට පැමිණිලා තත්ත්වය තක්සේරු කරමින් ඉන්නවා. මෙම පිපිරීම ගැන තවමත් විමර්ශනය කරමින් පවතිනවා, එම තක්සේරුවෙන් පසු ඉක්මනින් ඒ පිළිබඳව දැනුම් දෙනවා.”

නමුත් මේ දක්වා මෝටර් රථයේ පිපිරීමට හේතුව පිළිබඳව පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැති බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.

බී.බී.සී ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website