දිට්වා හානි කළ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් මිලියන 3200ක් වන්දි ගෙවයි


දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් මිලියන 3200කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති ගවයින් / එළුවන් එන්නත් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

මෙම වන්දි මුදල් ගවයන්, ඌරන්, එළුවන්, බ්‍රොයිලර් සහ ලේයර් කුකුළන් විනාශ වූ ගොවිපොළවල් සඳහා ලබා දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම වන්දි ගෙවීම්වලට අමතරව, ගොවීන්ට සහනයක් සැලසීම සඳහා පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ බවත්  ඒ සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ මිලියන 2500ක මුදලක් ලබාදී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website