දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් කර්මාන්තකරුවන් 9087ක් කර්මාන්ත අමාත්‍යාංශයට තොරතුරු දෙයි

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත දෙසැම්බර් 11 වැනි දින පෙ.ව 07.30 වන විට දිට්වා සුළ කුණාටුවේ බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ගෙන් විමසීම් (Inquiries) 9087ක් ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ පවසයි.

අර්ධ හානි සිදු වූ කර්මාන්තකරුවන්ගෙන් විමසීම් 4927ක්, සම්පූර්ණ හානි සම්බන්ධ විමසීම් 1873ක්, සුළු බලපෑම සම්බන්ධ විමසීම් 1782ක් සහ වෙනත් විමසීම් 505ක් මේ අනුව ලැබී ඇත.

කර්මාන්තයේ ස්වභාවය (Industry Scal) අනුව ගත් විට සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් විමසීම් 3091ක්, මධ්‍යම 1951ක්, විශාල 325ක් සහ ක්ෂුද්‍ර කර්මාන්තකරුවන්ගෙන් විමසීම් 3720ක් ලැබී ඇත.

වැඩිම විමසීම් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය 1756ක් වන අතර (19%) පුත්තලම දිස්ත්‍රික්කයෙන් විමසීම් 1216ක්, කොළඹ 878ක්, මහ නුවර 906ක්, කුරුණෑගල 770ක්, කෑගල්ල 702ක්, ත්‍රිකුණාමලය 471ක්, අනුරාධපුරය 353ක්, බදුල්ල 360ක්, ආදි වශයෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

සුළි කුණාටුවෙන් අවම බලපෑමක් සිදු වූ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 01, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 09ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 13ක් ද ඉල්ලීම් ලැබී ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website