දිට්වා කළ හානි පිළිබඳ දත්ත රැස් කිරීම ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

එම දත්ත සහ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෙසු ආයතන සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට කටයුතු කරන ඔහු පැවසුවේය.

එම දත්ත සහ තොරතුරු අදාළ ස්ථානවලට ගොස් වඩාත් නිවැරදිව ලබාගැනීමට කටයුතු කරන බවද, එය කඩිනම් කර ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තාකරණයටද සැලසුම් කර ඇති බවද  සඳහන් කළ සූරියප්පෙරුම මහතා, ඒ සඳහා වන තොරතුරු පද්ධතිය MillenniumIT ESP  ආයතනය නොමිලයේම සකස් කර දී ඇති බවත්,  ඊට අවශ්‍ය සහාය Microsoft ආයතනයෙන් ලබා දී ඇති බවත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website