ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (31) දින නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව ආරක්ෂිත මධ්‍යස්ථාන 285ක පවුල් 8309කට අයත් පුද්ගලයින් 27,184 දෙනකු රැදී සිටින බවත් තවත් පවුල් 51,767කට අයත් පුද්ගලයින් 178,054ක් ඥාතීන් හෝ සමීපතමයින්ගේ නිවාසවල හෝ වෙනත් ස්ථානවල පදිංචිව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම වාර්තාවට අනුව නිවාස 6097ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව112,790කි. පුද්ගලයින් 644 දෙනකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 175 දෙනකු අතුරුදන්ව සිටී.
මෙම නිල වාර්තාව පහත පළ වේ.













