දවස් දෙකට කොන්දොස්තරලා 36 දෙනෙකුට දඩ

පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ටිකට් පත නිකුත් නොකළ කොන්දොස්තර්වරුන් 36 දෙනෙකුට රුපියල් 750 බැගින් දඩ මුදලක්ද එම 36 දෙනාට කොන්දොස්තර් දවසක සංස්කරණ පුහුණුවට යොමු කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පවසයි.
කොන්දොස්තර්වරු ටිකට් නිකුත් නොකරන බවට මගී පැමිණිලි 60ක් ඉකුත් පළමුවෙනිදා, දෙවැනිදා යන දින දෙකට ලැබී ඇති බවද අධිකාරිය කියයි.
එම පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමට කටයුතු කරන බවද ටිකට් නොදෙන කොන්දොස්තර්වරුන්ට දඩ ගැසීම ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට ක්රියාත්මක කරන බවද අධිකාරිය සඳහන් කරයි.

ඇම්.ඩී. ධර් මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website