දකුණේ සහ රත්නපුරේ ස්ථාන කිහිපයක සවස් කාලයේ ගිගුරුම් සහිත තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (08) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ නිවේදනය.

දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website