තැපැල් පාර්සල් බෙදා හැරීම ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

තැපැල් පාර්සල් බෙදා හැරීම දිනක් හැර දිනක් සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පවසයි. ගෝලීය ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස මෙම තීරණය ගත් බව ඔහු පැවසුවේය.

කොළඹ සිට දිගු දුර තැපැල් බෙදා හැරීම ඉරිදා, බදාදා සහ සිකුරාදා දිනවල සිදු කෙරෙන අතර කොළඹ සිට යාපනය දක්වා වවුනියාව හරහා, කොළඹ සිට පොළොන්නරුව හරහා මඩකලපුව දක්වා, කොළඹ සිට බදුල්ල දක්වා සහ කොළඹ සිට මහනුවර දක්වා ප්‍රදේශ ආවරණය වන පරිදි තැපැල් බෙදා හැරීම් සිදු කෙරේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට දිගු දුර ප්‍රදේශවලින් බෙදා හැරීම් ද ඒ අනුව දිනක් හැර දිනක් සිදු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website