තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ නිල නිවාස ආරක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ.
මෙම නියෝගය අනුව ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් සහ ඔවුන්ගේ දේපළ සහ පදිංචි ස්ථාන ආරක්ෂා කිරීම සඳහා පැය 24 පුරා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.
අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව ව්‍යාපාරික ආයතන, සංචාරක ස්ථාන සහ ආගමික මධ්‍යස්ථාන ද ආරක්ෂක පියවරයන් ආවරණය කරනු ඇති බව ද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.













