
ඊයේ (21) රාත්‍රියේ ඉහළ දැමූ පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා සිටින බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මේ බව පැවසීය.
අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ඊයේ මධ්‍ය රාත්‍රියේ සිට පෙට්‍රල් මිල යළිත් ඉහළ දමා තිබෙනවා. මේක විශාල මිල ඉහළ දැමීමක්. මේ වැඩිවීම අපේ සේවාවට විශාල ගැටලුවක්. අපේ සේවාව කරන්න තෙල් නෑ. ඒ මදිවට රජය මිල ගණන් වැඩිකරලා. ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් අද ත්‍රිරෝද රථ හිමියන්ට වෙලා තියෙන්නේ. අපි රජයට යෝජනා කරනවා ත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 20ක් වැඩි කරන්න කියලා. ආණ්ඩුව අපේ ගැටලු වලට කඩිනමින් ප්‍රතිචාර නොදැක්කුවොත් පවතින තත්ත්වය ගැන කියන්න ළඟදීම ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා” ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා වැඩි දුරටත් පැවසුවේය.












