ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 68 ඔබ්බෙන් මුලතිව් මුහුදු ප්‍රදේශයේ සුළු භූමිකම්පාවක්

මුලතිව් මුහුදු ප්‍රදේශයේ අද (31) සවස සුළු භූමිකම්පාවක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 68ක් පමණ ඔබ්බෙන් බෙංගාල බොක්කෙහි භූමිකම්පාව සිදු වූ බව වෙබ් අඩවිය වාර්තා කළේය.

එහි තීව්‍රතාවය රික්ටර් මාපකයේ 3.6 ක් වූ බව කාර්යාංශය පැවසීය.

මෙරට සියලුම භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල භූමිකම්පාව වාර්තා වී ඇති අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙහි ප්‍රතිඵලයක් ලෙස සුනාමි අවදානමක් නොමැති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website