ඩීසල් මිල ඉහළට: බස් ගාස්තු ඉහළ යයිද ? – ජාතික ප්‍රවාහන කොමිෂමේ පැහැදිලි කිරීම

ඩීසල් මිල ගණන් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේය.

අන්තර් දිස්ත්‍රික් බස් ගාස්තු ගැලපීම් නිශ්චිත ප්‍රතිශත සීමාවක් මත පදනම් වන බවත් මෑත කාලීන ඉන්ධන මිල වැඩිවීම මෙම සීමාව සපුරා නොමැති බැවින් ගාස්තු නොවෙනස්ව පවතිනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

“සාමාන්‍යයෙන් ඉන්ධන මිල වෙනසක් සිදු වීමට නම් ඒකක 4කට සමාන ගාස්තුවලට බලපෑම් කළ යුතුයි. ඩීසල් මිල ඒකක 1.84 කින් පමණක් ඉහළ ගිය බැවින්, බස් ගාස්තුවලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ” ඔහු පැහැදිලි කළේය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website