ඩ්‍රෝන යාන මඟින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව ගැන පොලිස්පතිගේ අවධානය – ආරක්ෂක පියවර ගනී

ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා හා එම අමතර කොටස් ආනයනය කරන ආයතන මෙන්ම මෙරට තුළ ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන, අළුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එම පවත්වාගෙන යන්නේද සම්බන්ධව අවධානය යොමුකර තොරතුරු රැස්කරන මෙන් පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.

ඇතැම් ආයතන 2010 අංක 14 සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදන යට‌තේ කටයුතු නොකර මෙරටට ඩ්‍රෝන යානා ආනයනට, අමතර කොටස් වෙළදාම සිදුකරන බව ආනාවරණය වී ඇත.

මෙලෙස ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කිරීම කවර අවස්ථාවක හෝ ඩ්‍රෝන යානයක් මගින් යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානම වර්ධනය කරන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම දැනුවත් කිරීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website