ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන සංස්කරණය සඳහා සංචිත ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මෙවර තරගාවලිය සඳහා ගාල්ල, කොළඹ, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් හතර සහභාගි වන අතර, ඒවායේ සංචිතවලට යොවුන් ක්‍රීඩකයින් ඇතුළත් කිරීම විශේෂත්වයකි. ගාල්ල කණ්ඩායම සඳහා දුල්නිත් සිගේරා සහ විරාන් චමුදිත, කොළඹ කණ්ඩායම සඳහා කවීජ ගමගේ සහ සෙත්මික සෙනෙවිරත්න, දඹුල්ල කණ්ඩායම සඳහා හිමාල් රවිහංස සහ මහනුවර කණ්ඩායම සඳහා චාමික හීනටිගල, දිමන්ත මහවිතාන සහ විග්නේෂ්වරන් ආකාශ් යන ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිති.
තරගාවලියේ නායකත්වය කොළඹ කණ්ඩායම සඳහා චරිත් අසලංක, දඹුල්ල කණ්ඩායම සඳහා ධනංජය ද සිල්වා සහ මහනුවර කණ්ඩායම සඳහා සහන් ආරච්චි විසින් දරනු ලබන අතර, ගාල්ල කණ්ඩායම නැගී එන ක්‍රීඩකයකු වන පසිඳු සූරියබණ්ඩාර විසින් මෙහෙයවනු ලබීම කැපී පෙනේ.
අප්‍රේල් 6 වැනිදා ආරම්භ වන මෙවර තරගාවලියේ මුළු තරග සංඛ්‍යාව 7ක් වන අතර, අවසන් මහ තරගය මැයි 4 වැනිදා සිට 7 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙම තරගාවලිය වැදගත් වේදිකාවක් වන අතර, අනාගත ජාතික කණ්ඩායම සඳහා නව ක්‍රීඩකයින් හඳුනා ගැනීමටද මෙය උපකාරී වනු ඇත.
ගාල්ල කණ්ඩායම – ඕෂද ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, නිපුන් ධනංජය, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, අහන් වික්‍රමසිංහ, පසිඳු සූරියබණ්ඩාර (නායක), රමේෂ් මෙන්ඩිස්, දුල්නිත් සිගේරා (19 න් පහළ), මුදිත ලක්ෂාන්, දිලුම් සුදීර, විජයකාන්ත් වියස්කාන්ත්, ඩිල්ෂාන් මධුශංක, අසංක මනෝජ්, ඉසිත විජේසුන්දර, උදිත් මධුෂාන්, විරාන් චමුදිත (19න් පහළ), කෙවින් පෙරේරා, කේෂර නුවන්ත, නිම්සර අතරගල්ල, මිලාන් රත්නායක
කොළඹ කණ්ඩායම – අවිශ්ක ප්‍රනාන්දු, රවිඳු රසාන්ත, කවීජ ගමගේ (19 න් පහළ), ධනංජය ලක්ෂාන්, රනේෂ් සිල්වා, චරිත් අසලංක (නායක), ජනිත් ලියනගේ, ශාරුජන් ශන්මුගනාතන්, කවිශ්ක අංජුල, දුෂාන් හේමන්ත, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, කසුන් රජිත, ප්‍ර මෝද් මදුෂාන්, නිපුන් ප්‍රේමරත්න, චමෝද් බට්ටගේ, තරිඳු අමරසිංහ, සෙත්මික සෙනෙවිරත්න (19 න් පහළ), සංදීප පෙරේරා, දුවිඳු තිලකරත්න, නුවනිිඳු ප්‍රනාන්දු
දඹුල්ල කණ්ඩායම – ලසිත් කෘෘස්පුල්ලේ, නිශාන් මදුෂ්ක, තනුක දාබරේ, සහන් කෝසල, ධනංජය ද සිල්වා (නායක), කවීන් බණ්ඩාර, අක්රරම් මුතාලිබ්, අංජල බණ්ඩාර, විශාද් රන්දික, රවීන් ද සිල්වා, ළහිරු සමරකෝන්, ශක්ති උදාර, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ධනුජ ඉඳුවර, කවිඳු පතිරත්න, චමිඳු වික්‍රමසිංහ, දසුන් ශානක, හිමාල් රවිහංස (19 න් පහළ), පවන් රත්නායක, සොනාල් දිනූෂ
මහනුවර කණ්ඩායම – ළහිරු උදාර, නවෝද් පරණවිතාන, පවන්ත වීරසිංහ, චාමික හීනටිගල (19 න් පහළ), සොාන් ද ලිවේරා, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ (නායක), රවිඳු ප්‍රනාන්දු, චාමික කරුනාරත්න, වනුජ සහන්, ජෙෆ්රි වැන්ඩර්සි, තරිඳු රත්නායක, ළහිරු කුමාර, ශිරාන් ප්‍රානාන්දු, දුලාජ් සමුදිත, ශම්මි අහාන්, විග්නේෂ්වරන් ආකාෂ් (19 න් පහළ), කවිඳු දිල්හාර, චාමික ගුණසේකර, දිමන්ත මහවිතාන (19 න් පහළ), කංචන ද ලිවේරා, කමිල් මිශාර















