ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ

2011 අංක 44 දරණ ජාතික පොලිස් අභ්‍යාස ආයතන පනතේ ප්‍රතිපාදනවලට අනුව, එම ආයතනය සතු දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදි කරන ලද නව පර්යේෂණ මධ්‍යස්ථානය (Research Center) ඊයේ (09) උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

බස්නාහිර පළාත භාර ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධන මහතා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක්, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම ශ්‍රී ලංකා පොලිස් සේවයේ 160 වන පොලිස් දිනයට සමගාමීව සංවිධානය කර ඇති ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සමගාමීව සිදු කිරීම විශේෂත්වයකි.

මෙමගින් අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිලාභ පොලිස් සේවය තුළ නවීන විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේද හඳුන්වා දීම. නිලධාරීන්ගේ තාර්කික සහ විමර්ශන කුසලතා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහළ නැංවීම. විශ්වවිද්‍යාල සහ බාහිර විද්වතුන් සමඟ එක්ව අපරාධ විද්‍යාව සහ ප්‍රජා පොලිස් සේවාව සම්බන්ධ නව දැනුම උත්පාදනය කිරීම.

“මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකා පොලිස් සේවය නවීන ලෝකයට ගැළපෙන බුද්ධිමය වෘත්තීය සේවාවක් බවට පත් කිරීමේ තීරණාත්මක පියවරකි.”

මෙම සන්ධිස්ථානය, ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ ඉදිරි ගමනටත්, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ගුණාත්මක වර්ධනයටත් මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website