
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් අතර සාකච්ඡා අද (26) ආරම්භ වීමට නියමිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡා ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත විස්තීර්ණ අරමුදල් පහසුකමේ 6 වන වාරිකයට අදාළ බව ද සාකච්ඡා අදියර කිහිපයකින් පැවැත්වෙන බවත්, සැසි අද සිට මේ මස 9 වන දින දක්වා පැවැත්වෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ඉදිරි රැස්වීම් අතරතුර, IMF කොන්දේසි සපුරාලීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව පුළුල් සමාලෝචනයක් පවත්වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසු, හයවන ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව ද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය.















