පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
සූරියබණ්ඩාර මහතා පැවසුවේ ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම 75%ක අගයක පවතින බවත් මෙවර කන්නය සඳහා ජලය ලබා දීමේ දී ගැටලුවක් ඇති නොවන බවත්ය.
ගංඟා වල ජල මට්ටම පහළ අගයක පැවැතිය ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ජලාශ 73න් බොහෝ ජලාශවල ජල මට්ටම සාමාන්‍ය අගයක 75% ඉක්මවා තිබෙන බව ද ඔහු පැවසුවේය.
පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ගංඟාවලින් ජලය ලබා ගන්නා ස්ථානවල කරදිය ඇතුල්වීමේ අවධානමක් පවතින බවත් විශේෂයෙන්ම නිල්වලා, කැලණි සහ කළු යන ගංගාවල මෙම අවදානම ඉහළ බවත් සූරිය බණ්ඩාර මහතා පැවසුවේය.
මෙම තත්ත්වය තුළ ඉහත ගංඟා නිම්නවල ජනතාව ජල පරිහරණයේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු යළි අවධාරණය කළේය.











