ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ බස්නාහිර පළාත් වැඩසටහන හෙට

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ නවවන අදියර හෙට (14) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

මෙහිදී 2023 සහ 2024 සඳහා උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් බස්නාහිර පළාත් සිසුන් ඇඟයීමට ලක්වේ. ඒ අනුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඉහළ මට්ටමේ කැපී පෙනෙන සිසුන් 361 දෙනෙකු ඇගයීමට ලක් කරනු ලබන අතර, එහිදී ජනාධිපති අරමුදල ඔවුන්ට රුපියල් මිලියන 36.1 ක ශිෂ්‍යත්වයක් පිරිනමනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website