ජනපති පාර්ලිමේන්තුව අමතා කළ කතාවට විපක්ෂ නායකගෙන් ප්‍රති උත්තරයක්

ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදු කළ ප්‍රහාර ගැන රජය මේ වන තෙක් විධිමත් ප්‍රකාශයක් සිදු නොකළේ කුමක් නිසාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේ දී රජයෙන් ප්‍රශ්න කළේය.

මේ සම්බන්ධයෙන් සිය Facebook පිටුවේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය. “ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුව අමතමින් ඉරාන යුදමය තත්ත්වය තුළ මධ්‍යස්ථ ආකාරයට කටයුතු කළ බව පැවසීය. නමුත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදු කළ ප්‍රහාර ගැන රජය මේ වන තෙක් විධිමත් ප්‍රකාශයක් සිදු නොකළේ ඇයි ද කියා ගැටලුවක් පවතී.

රජයේ ජාත්‍යන්තර නීතිය සුරක්ෂා කිරීමේ සදාචාර සම්පන්න ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම ගැන කණගාටුවන බවත් මේ අවස්ථාවේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරිම ගැන හෙළා දැකීමට බිය නොවිය යුතු බවත් අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ කතාවට ප්‍රති උත්තර සහිත කතාවක් කරමින් පැවසුවෙමි.

මෙහි දී වර්තමානයේ රටේ මතුව ඇති බලශක්ති අර්බුදය ඇතුළු ගැටලු රැසක් සඳහා විසඳුම් ලබා දීමට අදාළ යෝජනා රැසක් රජයට ඉදිරිපත් කළේය. ජනතාව වෙනුවෙන් මේ සඳහා ගත යුතු සාධනීය විසඳුුම් සඳහා සහයෝගය ලබා දීමට විපක්ෂයක් ලෙස කටයුතු කරන බව ද මම රජයට පැහැදිලි කළෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website