චීනය ශ්‍රී ලංකාවට ගංවතුර සහන සැපයුම් ටොන් 85 ක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම සඳහා චීනයෙන්  මානුෂීය සහන තොගයක් ශ්‍රී ලංකාවට අද (08) ලැබුණි.

ජීවිතාරක්ෂක කබා, කූඩාරම්, බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිලි ඇතුළු ගංවතුර සහන ද්‍රව්‍ය ටොන් 85ක් අද උදෑසන කොළඹට පැමිණි අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා විසින් නිල වශයෙන් භාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් මෙම තොගය භාර ගන්නා ලදී.

චීන තානාපති කාර්යාලය පෙන්වා දී ඇත්තේ මෙම සැපයුම්වල වටිනාකම රුපියල් මිලියන 400 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website