චන්ද්‍රිකා යයි මෛත්‍රී කල් ඉල්ලයි

ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය ඉදිරි සති දෙකක කාලය තුළ තමන් දැනට පදිංචි රජයේ නිල නිවසින් ඉවත්වෙන බව ප්රකාශ වෙන අතර හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය නිල නිවසෙන් ඉවත්ව යෑමට නොවැම්බර් මාසය දක්වා කල් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
මේ අනුව මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කොළඹ කැප්පෙට්ටිපොළ මාවතේ නිවසින් එලබෙන නොවැම්බර් මාසයේදී ඉවත්ව යන්නට නියමිත අතර දැනට අසනීප තත්ත්වයෙන් පසුවෙන හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය තව සති දෙකක කාලයක් ඇතුලත කොළඹ 7 ප්රදේශයේම කුලී නිවසක පදිංචියට යනු ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website