චන්ද්‍රාණි බණ්ඩාරට අධිචෝදනා

යහපාලන රජයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්යවරිය ලෙස කටයුතු කළ චන්ද්රාණි බණ්ඩාරට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ජුනි 6 වැනිදා අධි චෝදනා භාර දී තිබේ.

ඒ, අමාත්ය ධුරයේ කටයුතු කරමින් සිටියදී නිත්යානුකූල ක්රමවේද අනුගමනය නොකර එච්. එම්. චන්ද්රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්යාංශයේ ව්යාපෘති අධ්යක්ෂ ධුරයට පත්කිරීම සහ හිතවතුන් පිරිසක් නීත්යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් පනතේ ‘දූෂණය’ වරද යටතේ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා ඉදිරියේ අධිචෝදනා භාරදීම සිදුවූ අතර ඉන් පසුව විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීම සිදුවිය.

– කාංචනා සිරිවර්ධන –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website