ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට (11) සිට එළැඹෙන මාර්තු 14 දක්වා කොළඹ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා චර්ම රෝග සහ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති සහ ඝර්ම කලාපිය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි සමුළුවේ සභාපති චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනා මදරසිංහ මහත්මිය පැවසුවාය.
විශේෂඥ වෛද්‍ය නයනා මදරසිංහ මහත්මිය පැවසුවේ මෙම සමුළුව සමස්ත ලොවම අවධානයට යොමු කරන සමුළුවක් බවයි.
මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා චර්ම රෝග ක්ෂේත්‍රයේ විදේශ නියෝජිතයින් හා විශේෂඥයින් 342ක් සහභාගී වන අතර සමුළුවේදී විදේශ සම්පත්දායකයින් 45 දෙනෙක් චර්ම රෝග ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හා සොයාගැනීම් පිළිබඳ දේශන පැවැත්වීමට නියමිත බව ද ඇය පැවසුවාය.











