ගොවි විශ්‍රාම වැටුප් ගැටලුව නිරාකරණය වෙයි

ගොවි විශ්රාම වැටුප් ලබා ගැනීමේදී පැවැති සියලුම ගැටලුවලට විසඳුම් ලබා දී ඇතැයි කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසා සිටිනවා.
ගොවි විශ්රාම වැටුප් අරමුදලට 2012- 2013 කාලය තුළ ඇති වූ බලපෑම හේතුවෙන් විශ්රාම වැටුප් ගෙවීමට තාවකාලිකව අත් හිටවූ අතර ඊට දායක් දායකව සිටි ගොවි ජනතාවගේ පසු අයකිරීමේ ක්රියාවලිය ද අඬාල විය.
මේ සම්බන්ධව ගොවි ජනතාව කළ ඉල්ලීම්වලට අනුව ඉහත උද්ගත වූ ගැටලුවලට විසඳුම් ලබා දී ඇති බවත් මෙම ජූලි මස සිට යළි විශ්රාම වැටුප් ලබා ගැනීමට අවැසි කටයුතු සූදානම් කොට ඇති බවත් කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලය තව දුරටත් පැවසුවේය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website