ගොවිබිම් හෙක්ටයාර් 131,743ක් විනාශයි – හානි සඳහා වන්දි ගෙවීමට රජය සූදානම්

වන්දි ගෙවීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටලුවක් ඇත්නම් 1918 ක්ෂණික දුරකථන අංකයට කතා කර තොරතුරු ලබා දෙන ලෙස ද වික්‍රමසිංහ මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගොවිබිම් හෙක්ටයාර 131,743ක් විනාශ වී ඇති බව ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පැවසුවේය.

විනාශයට පත් වගා බිම් අතර කුඹුරු හෙක්ටයාර 108,000ක්, බඩ ඉරිඟු හෙක්ටයාර 6,600ක්, උඩරට එළවළු වගාව හෙක්ටයාර 2,613ක්, පහත් බිම් එළවළු වගාව හෙක්ටයාර 3,530ක් සහ අනෙකුත් භෝග හෙක්ටයාර 11,000 ක් ඇති බව ඔහු පැවසීය.

විනාශ වූ කුඹුරු හෙක්ටයාරයකට රුපියල් 150,000 ක්, බඩඉරිඟු සහ අනෙකුත් භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 150,000 ක් සහ එළවළු සඳහා රුපියල් 250,000 ක් වන්දි ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වන්දි ගෙවීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටලුවක් ඇත්නම් 1918 ක්ෂණික දුරකථන අංකයට කතා කර තොරතුරු ලබා දෙන ලෙස ද වික්‍රමසිංහ මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website