ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළෙඳපොළට නිකුත් කිරීම ඇරඹෙයි

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කළේය.

ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඊයේ (22) කොළඹ වරායට පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බව ද එම සමාගම සදහන් කළේය.

අද දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ක්‍රමානුකූලව පහව යනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

අවශ්‍ය පරිදි තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන් වීමට පෙර එම ගෑස් නෞකා මෙරටට පැමිණීමට නියමිත බව ද ලිට්රෝ සමාගම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website