ගිනි අවියක් සහ අත් බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයකු  ඊයේ (20) උස්ගල, සියබලන්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මීගලෑව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන්නෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මීට පෙර අවස්ථාවකදීද ටී56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකු වේ.

සැකකරු අද දින ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website