ගෑස් මිල ඉහළ යාමට ප්‍රතිචාරීව අද (6) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි බත් සහ කරි පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 20කින් වැඩි කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කළේය.
පොල්තෙල් මිල පහත වැටීම හේතුවෙන් කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.












