ගැබනි මවුවරුන්ට රුපියල් 5000ක පෝෂණ දීමනාවක්

පවතින ආපදා තත්ත්වය සහ ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගැබිනි මව්වරුන්ට රුපියල් 5,000 ක පෝෂණ දීමනාවක් ලබා දීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

එක් වරක් පමණක් ලබා දෙන මෙම දීමනාව 2025 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර මාතෘ සායනවල ලියාපදිංචි වූ ගැබිනි මව්වරුන්ට ලබා දෙනු ලැබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයේ වැඩසටහනක් ලෙස දෙසැම්බර් 16 වන දින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම දීමනාව බෙදා හැරීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website