ගාලු බන්ධනාගාරබිමට නීති විරෝධි පාර්සලයක්

තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරබිමේ තිබී සොයා ගෙන ඇත.
මුළුතැන්ගෙයි පිටුපස රැඳවියන් නාන ස්ථානයේ ජල ටැංකි පිහිටා තියෙන තැනට කිසියම් පුද්ගලයකු මෙම පාර්සලය විසිකර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන්කර ඇත. මෙම
පාර්සලය තුළ මත්පැන් යැයි අනුමාන කළ හැකි දියරයක් සහිත බෝතල් කිහිපයක් ද දුරකථන චාජරයක් ද තිබුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසනවා.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website