ගාල්ල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා පොහොට්ටුවෙන් නෙරපයි.

ගාල්ල මහ නගර සභාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්ය නගරාධිපති ලෙස පත්වූ ප්රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයයකින් මේ බව දැනුම් දී තිබේ.
මෙයට අමතරව ඔහුට විරුද්ධව විනය ක්රියාමාර්ග ගන්නා බව ද අදාළ නිවේදනය මඟින් දන්වා තිබේ. ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුවත් කර තිබී ඇත.
එවන් පසුබිමක පක්ෂයේ උපදෙස්වලට පටහැනිව ඡන්ද විමසීමේ දී කටයුතු කර ඇති බවත් ඒ තුළින් නියෝජ්ය නගරාධිපතිවරයා ලෙස ප්රියන්ත ගොඩගම මහතා තේරී පත්ව ඇති බවත් අදාළ නිවේදනයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව වහාම ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතිය ද අහිමි වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් ස ඳහන් වේ.

සිහින සංකල්ප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website