ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝහලක සායනික රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේදී පෝලිම්වල සිට අපහසුතාවයට පත්වීම වළක්වමින් “ස්මාර්ට් ටෝකන්” ක්‍රමයක් ගාල්ල ජාතික රෝහල විසින් හඳුන්වා දී ඇත.
මෙහිදී, සායනයේදී රෝගීන්ට ඖෂධ වට්ටෝරුව ලබා ගැනීමෙන් පසු, ඖෂධ ලබාදෙන ස්ථානයේදී තම තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ටෝකනයක් ලබා දෙන අතර, රෝගීන්ට පිළිවෙලට වාඩි වී සිටිමින් කිසිදු කලබලයකින් තොරව තමන්ට හිමි අංකයට අනුව ඖෂධ ලබා ගැනීමට හැකි වේ.
මෙම ක්‍රමය දැනට පරීක්ෂණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී QR කේත පදනම් වූ ක්‍රමයක් දක්වා මෙය වැඩිදියුණු කිරීමට නියමිත අතර බාහිර රෝගීන් සඳහා ඖෂධ ලබා ගැනීම සඳහා ද මෙම ක්‍රමය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව රෝහල පවසයි.











