ග්‍රාම නිලධාරිනියකට බැණ වැදී තර්ජනය කළ මාළිමාවේ පුත්තලම ප්‍රා.ස. මන්ත්‍රී අත්අඩංගුවට

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිනියකට බැණවැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරායාය අද (26) අළුයම මුන්දලම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත්තේය.

අදාළ ග්‍රාම නිලධාරිනිය විසින් කළ පැමිණිල්ලට අනුව සිදු මුන්දලම පොලිසියය විසින් කළ කැඳවීමක් මත මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මුන්දලම පොලීසියට පැමිණ ඉදිරිපත් වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තේය.

පසුගිය දෙසැම්බර් 05 වනි දා තමන් ආපදා රාජකාරි කටයුතු සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුවූ බවත්, එම අවස්ථාවේදී  මන්ත්‍රීවරයා තමන්ට බැණ වැදුණු බවත් ග්‍රාම නිලධාරීවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වන්නේ පසුගිය දෙසැම්බර්  ඉකුත් 8 වැනි දා පැවති ආපදා කමිටු රැස්වීමෙන් පසුව ද අදාළ මන්ත්‍රීවරයා තමන්ට දුරකථනයෙන් කථා කර බැණ වැදුණු බව ද ග්‍රාම නිලධාරීනිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුන්දලම පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website